එදා දවස මතකයි හොඳට මට..ආපෝ අමතක නම් වෙන් නෑ.අමතක කරන්න ඕනෙත් නෑ..
සඳුදා වැඩට ගියේ නෑ මම.පචයක් ගහල උන්නා ගෙදෙට්ට වෙලා.මට කලින් සතියේ සිකුරාදා ඒකෙ සීනියර් කියන අක්කා කෙනෙක් අමුතු වචන වගේකුත් දැම්මා.ඉතින් මට කොහොමත් යන්න හිතුන් නෑ ඔෆිස් එකට..
කොහොම කොහොම හරි..පහුවදාට එළි උනා.ඒ කියන්නේ 29/11/2011.අඟහරුවාදා..මම කළින් දවසේ නොගියෙ අසනීපයක් කියලා මගෙ භාරව ඉන්න මිස්ට..මට ඒ වුණාට එයාට බොරු කියන්න හිත දෙන් නෑ.මාව දාල ඉන්න ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම කියලා දීලා, ඒකෙ අර ඩොමේන් එක කියන්නෙ (අපි කරන්නෙ තොරතුරු තාක්ෂණයට අදාළ ජොබ් එකක් .ඒ කියන්නෙ මෘදුකාංග සංවර්ධනය.රටෙ ප්රධානම ආයතනයක්..තව කියන්න් ගියොත් නමත් මාට්ටු..මාත් මාට්ටු )
ඉතින් ඉතින් ඔහොම මම රහ කරල කියන දවස උදා උනා..අඟහරුවාදා උදේ නැඟිටින්නත් බෑ බඩ රිදෙනවා.මට එතකොටම දේවල් දෙකක් මතක් උණා.
එකක් තමයි මම කලින් දවසෙ ජීවිතේ පළවෙනි වතාවට කිරිපැණි කෑවා.ඒකෙ අවුලක්වත් ද කියලත් හිතුණා.
අනික තමයි මම අර මිස්ට පච ගැහුවොත් මට ඒක රිටන් වෙනවමයි.දවසක් පරක්කු වෙලා ඔෆිස් ගියා ඉන්ටවිව් එකක් නිසා.ඇහුවම කිව්වා පාරේ කන්ටේනර් එකක් පෙරලිලා කියලා.හරියටම හවස මට පාඩම් කරන්න දුවගෙන ගෙදර යනකොට පැය දෙකක් පාරෙ.හේතුව පැළියගොඩ ඇත්තටම කන්ටේනර් එකක් පෙරළිලා...
:-)
ඉතින් බඩේ කේස් එකක් නිසා මම හිතුවෙ අර කිරිපැණි අජීර්ණයක් කියල.මොන දේ වෙන්නත් කියලා උදේම වතුර එකක් ගහලා අර වැඩෙත් ඉතින් කොරලා එහෙම ඇවිත් ආයිත් ඇදට නිදා ගන්න පැන්නා.හිතින් හිතා ගත්තා ඉතින් අදත් නිවාඩුවක් දානවා කියලා.ලැස්ති උණත් ඇගට අමුත්තක් දැනෙනවා.අනේ මන්දා..
ඒ මදිවට උණ වගෙත් එක්ක..ඉතින් කාපු ඒවාට විදින්නත් එපැයි කියලා හිතන් ඇදේම පෙරළුනා.අඩුවක් නෑ වගේ.ඩයජින් ගැහුවා පැරසිටමෝල් ගැහුවා.නෑ කිසිම සුවයක්..
පස්සෙ මම කිව්ව අම්මට කතාව.ආච්චිට එහෙම කිව්වනම් පණ බයේ එක දෙක වෙන ටෝක් දෙනවා.ඉතින් අයියාටයි අම්මාටයි තාත්තාටයි සීන් එක කියලා මම කිව්වා අදත් නිවාඩුවක් දාන්නම් කියලා.එයාලටත් ඉතින් මම ගෙදර ඉන්නවනම් ආසනෙ.කිව්වා එහෙම ඉදින් කියලා.
ඔහොම ඔහොම් දවස ගියා.අඩුවක් නෑ.මම ඔෆිස් එකේ යාළුවෙක් අතේ පණිවිඩේ දුන්නා මගේ මිස්ට.එයා නැත්තම් මම කෝ කියලා අහන්කොට හිරවෙනවනේ..
දවල් ඉන්නම බෑ දැන්නම් රිදෙන්නෙ බඩ නෙමෙ කියලා මට තේරුණා.යටි බඩ රිදෙන්නෙ දකුණු පැත්තෙන්.නිදාගන්නත් බැ එහෙට බර කරලා.මට මතක් උණා එතකොටම අපේ ළිදේ එහෙම මේ ටිකේ වතුර වල වැලි ගතිය අඩියේ ටිකක් විතර එනවා ටැප් එකෙන් බොන්න යනකොටත්..
ඉතින් වකුගඩුවකටවත් කෙලවෙන්න යනවද දන්නෙ නෑනේ කියලා හිතට බයකුත් ආවා.ඒත් මෙච්චර ආගමට දහමට ගරු කරන අපිටත් එහෙම කෙලවෙන සීන් වෙන්න බෑනේ කියලා ආපු සංකල්පයට අර ඔක්කොම යට ගියා.
ඉතින් මම දවල් යන්න කියලා ලැස්ති උණා අපේ පැත්තෙ තියෙන හොදම කියන පුද්ගලික රෝහලකට යන්ට.අම්මලත් එක්ක.කොහෙද එයාලත් එක්ක.විවාද තරඟයක් පටන් අරන් අසනීප ඇතිවීමෙ මූලාරම්භය ගැන.අයියො මට එපා උණා.මම කිව්වා ඔයාල ඉන්න මම යන්නෙ නෑ දැන් කියලා..
පහු පහු වෙනකොට ඔන්න ඉතින් ආයිත් අරහෙම රිදෙනවා මට.ඉන්නම බෑ කිව්වා ඉතින් තාත්තට..ගිහින්
අපි යන්කො බේත් ගන්න කියලා..තාත්තත් ඒ පාර ඕකේ කියලා එහෙම මට කිව්වා යමු අපේ පවුලේ දොස්තර හම්බ වෙන්න කියලා.
ඔන්න ඉතින් නැග්ගා අමාරුවෙන් වාහනේටත්.දැන්නම් හොද ගණන් මට.ගියාම දොස්තර ලඟට එයාට තේරුණා මට මොකක් හරි ලොකු අවුලක් කියලා.
ඇහුවා ඒ පාර දොස්තර
"මොකෝ නිකං අද නම් අමාරුවෙන් වගේ.." කියලා.
මම කිව්වා
"අනේ ඩොක්ටර් යටි බඩ කකියනවා.."
ඔන්න ඇන්නා ඒ පාර මගෙ බඩට "රිදෙනවද ?"
"ඔව් ඩොක්ටර්"
"ම්..පොඩ්ඩක් බලමු..හාන්සිවෙන්නකො අර ඇඳෙන්.."
"හරි ඩොක්ටර්.."
"ඔන්න රිදෙනවනම් කියන්න" කියලා තද කරලා ඇහුවා බඩේ දෙපැත්තෙන්.මම කිව්වා එතකොට දකුණු පැත්ත කේස් කියලා.
පොඩ්ඩක් නළල රැල් කරලා මම හිතන්නෙවත් නැති උත්තරයක් දුන්නා අපෙ අම්මල තාත්තල ඉන්න පැත්තට හැරිලා..
"මෙයාට ඇපෙන්ඩික්ස් වගේ.."
"ඉක්මන්ටම අරං යන්න හොස්පිටල් එකට.කාලා එහෙම නැද්ද දැන්.."
"නෑ ඩොක්ටර් තාම දවල් දෙකට කාපු ගමන්.."
"එහෙනම් දැන් ගිහින් කන්නත් එපා.අදම ඔයාව ස්කෑන් කරලා ගනී ඔපරේෂන් එකට"
"මොනවා..!!! ඔපරේෂන් එකක්..හීනෙකින් වත් හිතුව එකක් නෙමෙනේ මේ උනේ..මම ජීවිතේට ඔපරේෂන් එකකට මූණ දීලා නෑ.අනේ මම කොහොමද යන්නෙ.ඒ මදිවට ආණ්ඩුවේ ඉස්පිරිතාල වල බැනුම් රැවුම් ගෙරවුම් ගැනත් මම අහලා තියෙනවා.ඒ මදිවට මගේ බඩ කපන්න යන්නෙ..
අයියෝ..."
මේ ඔක්කොම එක දිගටම මට හිතෙන්න ගත්තා..
මොනා කරන්නද ඒ මදිවට දොස්තර කිව්වා "ඉක්මන් කරන්න..නැත්තම් පිපිරුවොත් ගොඩාක් දරුණු වෙයි ප්රතිඵල කියලාත්.."
ඉතින් ආයිත් නැග්ගා වාහනේට මහ ඉස්පිරිතාලේ යන්න කියලා.ගෙදෙට්ට ගිහින් අයියා වත් දාගත්තා සපෝර්ට් එකට.මෑන් නැතුව අමාරුයි වගෙ මේ වගේ ගමනකදී..ගෙදර ආච්චි විතරයි ඉතුරු උනේ.එයාව බලා ගන්න නැන්දලාට පවරලා අපි ගමන් ඇරඹුවා.යන දිගටම මම අර දේවල්ම හිතනවා.
"අම්මෝ සිහි නැති කරන ඒවා.සිහි නාවොත් එහෙම.." දන්නෙ නැද්ද ඉතින් අපිට හිතෙන ඒවා..
ලෙඩක් සෙට් වුනාම.මහ රෑ හරියටම වේලාව ඇති 8.30ට විතර..
මාව අමාරුවෙන් අයියා වත්තම් කරන් එනව දැක්ක එතන ආරක්ෂක නිලධාරි කෙනෙක් අහපි මොකො ලෙඩේ කියලා.මම ටිකක් විතර බැලුව එතකොට ඔලුව උස්සලා.අයියයි අම්මයි පස්සෙන් උන්න නිසා උත්තරෙ දුන්න මෙහෙම දෙයක් කියලා..අනේ මම හිතන විදිහ ටිකක් වෙනස් වගේ.අර ඇඟට කඩන් පනින ඇටෙන්ඩන්ට්ලා,නර්ස්ලා වගේ නෙමෙ වගේ දැන් මගෙ ඉස්සරහා ඉන්න අය..සිකියුරිටි උනත් එහෙමයි.ඒකයි මට බැලුනේ එක පාරටම..
මාව ඇතුල් කරලා එතන තියෙන පෝලිමකින් වාඩි කෙරෙව්වා..මමත් ඉන්නවා ඉතින් ඇඹරි ඇඹරි..
දොස්තර නෝනා කෙනෙක් ඉන්නෙ බාහිර රෝගින් පරික්ෂා කරන අංශයේ..එයා ඇහුවා වාරෙ ආවම
"මොකො අසනීපෙ ?"
"යටි බඩ රිදෙනවා ඩොක්ටර්.."
අම්මලත් ඉදන් කිව්වා ඉතින් මට අර කලින් ප්රයිවට් කෙනෙක් පෙන්නුවාම ඇපෙන්ඩික්ස් කතාවක් කිව්වා කියලත්.එයාගේ රිපොර්ට් එකකුත් පෙන්නුවා.
"ආ..මෙයාව ඇඩ්මිට් කරන්න වෙනවා..යන්න රෙජිස්ටර් කරන් එන්න.අංක 33 වාට්ටුව"
අයියා ගියා ඒ වැඩ ටික කරන් එන්න කියලා..මට පත්තු උණා.තාම එහෙමට කියලා යාළුවන්ගේ ගෙවල් වලත් ඉදලා තියෙන්නෙ රෑ දෙකයි නැත්තම් තුනයි..මට ගෙදර ඇර වෙන කොහෙවත් නින්ද යන්නෙ නැති සීන් එකක් තියෙනවා..
ඉතින් එහෙම මට උඩ යන්නෙ නැත්ද ඇඩ්මිට් කිව්වම..
ඔන්න ලියකියවිලි ඔක්කොමහරි..දැන් ආයිත් මාව අයියා වත්තම් කරගත්තා යන්න.දැන් වාට්ටු අතරින් අතරින් යනවා 33 වාට්ටුවට..කොහොම කොහොම හරි ආව වාට්ටුවටත්..
ඔන්න ඉතින් වාට්ටුවෙ මම දැන් වාඩි වෙලා ඉන්නවා.ඇටෙන්ඩන් කෙනෙක් වගේ කෙනෙක් ආව මම ලගට
"මොකො අසනීපෙ"
ආයිත් ඒ ප්රශ්නෙමයි.මම කිව්වා කතාව..එතකොටම ආවා ඒ වෝඩ් එකේ දොස්තර කියන එක්කෙනා.අනේ ලොකු සීන් මහ ජාතියේ අය නපුරු සැර පාට් කියල බහුබූත ලෝකයක් මවාගෙන් හිටපු ඔක්කොම බොරුනෙ බොලේ..දොස්තර කියලා උන්නෙත් වයස 28ක් විතර වගෙ පේන නලාව කරේ දාගෙන ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහපු කෙනෙක්..
එයත් ඇවිත් විස්තර අහලා එහෙම එන්නයි කිව්ව මාව පරීක්ෂන කාමරේට..
ඔන්න එයත් බඩ තද කලා..මට තරු වීසි උනා.
"ඩොක්ටර් එතන තමයි රිඳෙන්නේ.."
"ඔන්න මම දැන් තව ටෙස්ට් එකක් කරනවා..රිදෙනව නම් කියන්න.."
ජීවිතේ පළවෙනි වතාවට එහෙම ටෙස්ට් එකක්..අම්මො මතක් වෙනකොටත් පිස්සු හැදෙනවා..
"රිදෙනවා ඩොක්ටර්.."
මට කෙදිරි ගෑවුනා.එයාටනම් ඉතින් ඔව්වා පුරුදු ඇති..ඉතින් මොකෝ..
මම ආයිත් ඇදුම් එහෙම දාගෙන ආව...
යන්න ඇදට අංක 07..ෂා මම හිතනව වගේ අපිරිසිදු තැනක් නෙමේ.ඇත්තටම කියනවානම් බත් දාන් උනත් කන්න පුලුවන් බිම..හරිම පිරිසුදුයි..කට්ටියත් මාර සුහදශීලියි.දැන් දැන් නම් ඉතින් බයත් ගියා කොහේද මන්දා...
ඇදට ගියා..වැඩේ කියන්නෙ මම කැමා එකක් ගහන් උන්නේ.එතන අයට සරම් අදින්න ඕනේ.ඉතින් අම්මලා ගියා මස්සිනාලගෙ දිහාට අරන් එන්න කියලා.මම ඇදට පැන්නා ඇලට් එකට.දෙපැත්තෙම වයසක අය දෙන්නෙක්..එක්කෙනෙක් කුණුහරුප පලනව..අනික් කෙනා ඔහේ බලං ඉන්නවා සංවේදන නෑ වගේ..
ඉතින් ඉතින් ඔහොම ඉන්න කොට අර ඇටෙන්ඩන්ට් කැ ගහන් යනවා වෝඩ් එකේ එහේ ඉදන් මෙහාට..
"කවුරුත් කන්න බොන්න එපා..!"
අප්පා..මම දවල් දෙකට කාපු ගමන් තාම..මොනා කරන්නද පණ්ඩිත කමට කාලා ඔපරේෂන් එකේදි සිහි ආවොත් මගුලනෙ වෙන්නෙ..ඉතින් උන්නා ඔහේ.වතුර නැතුවත් අපිට දවස් තුනක් විතර ඉන්න පුලුවන්නෙ කියලා හිතාගෙන හිතට එඩිය අරගෙන..
ටිකකින් අම්මල ආව සරම් ඇද රෙදි අරන්..ඉතින් ඒවත් දීල ඉන්න බෑනේ වෝඩ් එකේ..අපේ අදුරන අක්ක කෙනෙක් මේකෙ වැඩ.එයාටත් ඉතින් මගෙ ගැන කියලා එහෙම එයාල ගියා..
තනිකම..!!!
ගොඩකාලෙකින් හිතට දැනුනා එදා නම් තනිකම..
එතන ඉදන් ඉස්සරහට ටික දාන්නම් හෙමිහිට හෙමිහිට..