Dec 13, 2011

වෙච්චි දෙයක් 2

තනිකම...
අපිට වෙනදටත් දැනෙනවා..ඒත් අපි දන්නවා ඒ තනි කිව්වට ඇත්තටම අපි තනි නෑ කියලා.ඕනෙ වුනාම කට්ටිය ලග කියලා අපි දන්නවා..
ඒත් මෙදා මම තනියම ඇදක් උඩ..අදුරන කවුරුත් නෑ.ඒ මදිවට මම අසනීපෙන්.හදිස්සියකටවත් එන්නත් බෑනේ ඒවාට..
කොහොම කොහොම හරි මට කන බොන එවත් නවත්තල නිසා ඇගට පණත් නෑ.ඔහේ උන්නා දැන් නින්ද යයි,දැන් නින්ද යයි කියලා හිතාගෙන.ඒකත් නෑ බලහල්ලකො..
මට ගෙදර නෙමේ නම් නින්ද යන් නෑ හරියට වෙන කොහෙවත්..ඉතින් එහෙට මෙහෙට පෙරළි පෙරළි උන්නා ඇදේ එලි වෙනකන්.
රෑ මගේ හිතෙ 12ට විතර ඇති.නර්ස් නෝනා කෙනෙක් ආවා ඇද ලගට.
"කෝ අත දිග අරින්න.."
"හ්ම්ම්.."
මෙන්න සේලයින් ගෙනල්ලා..අපෝ කටු ගහන්ට යන්නෙ ඇගට ඉතින්.මම අකමැතිම වැඩේ..මට බලන් ඉන්නත් බෑ.කොහොමත් මේ කලන්තෙට බයේ ඉන්න මාව ඕකෙන්ම බය වෙලා වැටෙයි කියලා අහක බලා ගත්තා..
දැන් හැබැයි හීනියට සතුටකුත් තියෙනව මට කෑම නැති උනාට අවුලක් නෑ සේලයින් පවර් එක තියෙනවනේ කියලා..
ඉතින් දැන් ටිකක් පිරිච්ච හිතත් හදාගෙන දොයිය ගත්තා දෙයියනේ කියලා.කොහෙද ඉතින් ලයිට් නිවන්නෙ නෑනේ.ෆෑන් උනත් බර බර ගානවා.ඉතින් එහෙන් මෙහෙන් ලාවට නින්දකුත් ගියා..

No comments: