කාටත් නොලියපු පද මාලාවක් ඔබට නොලියා ඉන් නෑ..
කාටත් නොපුදපු ආදරේ මාගේ ඔබට නොපුදා ඉන් නෑ..
ඔබටත් ඔබේ ඔය ලස්සන රුවටත් වැඩිය දෙයක් මට නෑ..
උදයට පිණිබිඳු තණ අග දිලිසෙයි
හිරු දැක නැති වෙනවා..
වටිනා මාණික කළුගල් අතරේ
පොලොවේ නිදියනවා..
වැලේ සැදුන ගෙඩි වැලට තුරුල් වී
වැල බල උසුලනවා..
පැලෙන් ඇසෙන කවි මලේ සුවඳ පැණි
ගත සීතල වෙනවා..
ගලේ කෙටුව රුව ගල් වඩුවාටයි
නොමැකී පවතිනවා..
වෙලේ පැසෙන රන් ගොයම් කරල් දැක
රෑන ගිරව් එනවා..
දිලේ දිලේ මුතු මැණික් වගේ
වීදුරු කැට දිලිසෙනවා..
පණේ පණේ රත්තරං පණේ
මගේ පණ ඔබ රැක දෙනවා..
No comments:
Post a Comment