" මොකෝ මල්ලා ? තත්වේ.."
ඒ වොයිස් එක අම්මගේ.මම යාන්තමට ඔලුව හරවලා බැලුවා.මෙන්න ඉතින් තාත්තා අම්මා ඇවිත්.පුරුදු ප්රශ්න ටික ඇහුවා.මමත් ඉතින් පුරුදු රෙකෝඩ් එක දැම්මා.මතක නෑ මෙලෝ දෙයක් මොකක් උනාද කියලාවත්.ඉතින් ඔක්කොටම එකම රෙකෝඩ් එක දාන්නෙ "මතක නෑ අනේ මොනා උනාද" කියලා..
ඉතින් ඉතින් මගේ විස්තර එහෙම අහන් උන්නා.එදා ඔපරේෂන් කරලා නිසා රෑට ලග එක්කෙනෙක්ට ඉන්න පුලුවනි.අයියා තමයි වැඩේ බාරගත්තේ.ඒත් අද එයාට රෑ වෙනවාලු එන්ට.ඉතින් අම්මලා මගේ වෝඩ් එක ලග උන්නා එහාට මෙහාට ඇවිද ඇවිද රෑ 11.00 වෙනකන්.
එතකොට අයියා ආවා.එතකොට මට ආයිත් නින්ද ගිහින්.මම ඇහැරුණෙ රෑ 12ට ආයිත්.එතකොට අයියා මගේ ඇඳ ලග හිටන් ඉන්නවා.හිටන් ඇස් පියවෙනවා නිදිමතේ.පව් වැඩේ.පොර නයිට් එකකුත් කරලා ඇවිත් ඉන්නෙ.මට අමතක උනා මගේ අසනීප ගතියත්.අමාරුවෙන් අමාරුවෙන් බඩ ගෑවා ඇඳේ අනිත් පැත්තට.අයියට එන්න කිව්වා ඇලට් එකක් දාන්න කියලා.ටිකකින් පොරත් සෙට් වුණා නිදාගන්න.පව් වැඩේ ඉතින් පහට හයට නැමිලා තමයි නිදාගත්තේ.
පහුවදාට එලි උනා ඉතින්.
එහේ දින චරියාව දැන් මට හුරුයි.උදේ බේත් ගේනවා.සේලයින් දෙනවා.ආයිත් දවල්ට සේලයින් ආයිත් හවස බේත් සේලයින්..ඔහොම තමයි කාටත් මේ වාට්ටුවේ ජීවන චක්කරේ..
මේ වෙනකොට ඒ කියන්නෙ බදාදා.එදත් ඉතින් ඔහොම ගෙවුනා.ලෙඩ්ඩු බලන තුන් පාරම අම්මලා නම් ආවා.පස්සේ ගෙදර ආවම කිව්ව අම්මලා ඒ ටිකේ දුවපු හැටි.එනවා යනවා එනවා යනවා.ගෙදර පිස්සන් කොටුව වගේ කියලා කිව්වා.ඉතින් ඇත්තනේ..
උදේ 6,දවල් 12,හවස 6 !!!
ඔය අතරේ මගේ දෙහිවල යාලුවෝ ආවා මාව බලන්න.
කොහොම කොහොම හරි දවස් ගෙවිලා ගියා.දවස් තුනක් මේ වෙනකොට මම හොස්පිටල් එකේ.එතන හැබැයි මාර එකමුතුයි කට්ටිය.නර්ස් ඇටෙන්ඩන් ඉදන් දොස්තර වෙනකන් හැමදෙනාම හොදයි.පුදුම පැහැදීමක් මේ වෙනකොට මට නම් එයාලා ගැන.
මම හිතෙන් එයාලට ඇත්තටම ප්රාර්ථනා කලා
"ඔයාලා තව පින් වෙනමම කරන්න ඕනේ නෑ.මේ කරන රෝගින්ට ප්රතිකාර කරන කුසලයම ඇති ඊලගට හොද ආත්මයක උපදින්න.." කියලා
එදා විශේෂ දේ උනේ හවස.මගේ ලගට ආපු නර්ස් කෙනෙක් කිව්වා
"ඔහොම නිදාගෙන උන්නොත් ඔයාට යන්න වෙන් නෑ ගෙදර.දැන් පටන් ගන්න ඇවිදින්න" කියලා
මට පාන් කියා ගන්නවත් බෑ.දෙයියනේ කියලා හවස දොස්තර කිව්වා පොඩි පොඩි පාන වර්ග ගන්න කියලා.ඒත් අනේ කෝ පාන එවෙලේ මට.එහා ඇදේ උන්න කොල්ලා මට කිරි පැකට් එකක් දුන්නා.මම ඇරලා දැම්ම එක හුස්මට.දැන් නම් හිත ෆිට්.පොඩ්ඩක් ඇවිද්දා එහෙට මෙහෙට.එල කිරි..
එදාත් ඉතින් වැඩ ඉවර කරලා එහෙම නිදා ගත්තා.දැන් නම් ටිකක් අඩුයි.ඒත් අර සේලයින් බෝතලේ ගලවලා ගහන ඇම්ප්රිසිලින් බෝතලේට ඇඟ ඇතුලෙ දැනෙන වේදනාව නම් කියන්න වචන මදි මට..
ඔහොම ඔහොම පහුවදාට එළි උනා.ඒ කියන්නෙ 4 වෙනි දවස.සිකුරාදා..
උදේම ලොකු දොස්තර ආවා වාට්ටුවට.තත්ත්වේ අහන් අහන් ගියා ඔක්කොමගෙන්ම.මගේ නම් කියද්දිම මාව භාර උන්නු දොස්තර කිව්වා ටිකට් කපන කථාවක්.මාව ෆුල් කියන්නේ ෆුල්ම හැපී උනා.
ඇත්තට මට ඒ වෙනකොට කන්නත් ඕකේ කලා.ඇවිදින්නත් ඕකේ.ඉතින් මට ගෙදර දුවනවාට වැඩිය සැපක් කොයින්ද !!!
මම එදා සතුට වැඩි කමට වැඩි පුර ඇවිද්දා.කෑවා බිව්වා හොදට..
සේලයිනුත් ගලවලා ඉතින් මාර ෆ්රී..
දවල් වෙද්දි මගේ ටිකට් එක අරන් ගියා.විස්තර ලියලා එහෙම දවල් 1ට කිව්වා නම අඩගහලා බේත් ගන්න ඕනේ ඒවා එහෙමත්..
අපේ තාත්තලා පහුවෙලා ආවෙ එදා.ඉතින් ඔන්න මෙන්න ඉන්නකොට මාටියත් ආවා.මගේ දෙහිවල හොදම ෆ්රෙන්ඩ් කෙනෙක්.අන්තිම මොහොතේ පාලු මැකෙනකන් කථාකර කර උන්නා අම්මල එනකන්.පස්සේ අම්මලා ආවා.
අඩුම කුඩුම ටික අස් කරගත්ත අපි යන්න ලෑස්ති උනා.මම ඊට කලින් වාට්ටුවට ගිහින් කට්ටියටම යනව කියලා ආවා.අහල පහල උන්නු මට උපස්ථාන කරපු නර්ස්ලටත් කියන්න අමතක කලේ නෑ.
කොහොම හරි යද්දි දුකත් වගේ..
අන්තිමේ මම යන්න පිටත් උනා අම්මලත් එක්ක.ඇයි මාටියාත් ආව මාත් එක්කම බඩුත් අරන් උදව්වට.අපි එයාවත් රාජගිරියෙන් ඇරලවන් එහෙම්මම වාහනේ ආවා ගෙදර..
ගෙදර...අම්මේ දැනෙන සතුට ගෙදරට පය තිබ්බාම.
කෝකටත් කලින් හොදට ඇගපත් හෝදලා රෙදි එහෙම හෝදන්න දාලා පිරිසුදුවට පැන්නා ඇදට.
දැනෙන සනීපයක්..!!!
තාමත් මතක් වෙනවා ඒත් මුහුණ දීපු ඒ සිද්ධිය..ලැබුණු සුහදශීලි බව, සැලකිල්ල..
ඒ වගේම වින්ද වේදනා ටික.. ඇයි පාළුව තනිකම..!!!
ආයිත් නම් ඕනෙම, ඕනෙම, ඕනෙම නෑ එහෙම අත්දැකීමක් නම්..
--------------------------- නිමි ---------------------------