Feb 5, 2012

මගේ සිතුවිලි 01

මිස් I AM REALLY VERY SORRY
මට ඔෆිස් එකට එනකොට තිබ්බේ පුදුමාකාර ආසාවක් ඉගෙනගන්න.ඒ වගේම
වැඩ කරන්නත්.ඕපන් ආර්ක් එක කියන්නෙ මගේම දෙයක් කියලා හිතිලා තිබුනේ.මාව ගත්තේ අරුණ සර් ඔෆිස් එකට.ඇත්තටම ඩිග්රිය කර කර උන්නාට මට ඒවා ප්රැක්ටිකල් කොහොමද ක්රියාවේ යොදන්නේ කියලා අදහසක් තිබුනේම නෑ..මාස 4ක් මම බලන් උන්නා කථා කරනකන් ඔෆිස් එකට.දවසක් මට හොදට මතකයි මම යාලුවෙක්ගේ ගෙදරකට ගිහින් ඉන්න වෙලාවක ඉර්ෆාන්ගේ කෝල් එක ආවා මාව සිලෙක්ට් කරගත්තා කියලා.මට නිකන් රටක් රාජ්ජයක් ලැබුනා වගේ දැනුනේ..
ඉතින් ඔහොමින් ඔහොම ආවා කියමුකෝ වැඩට.එනකොටම මම දන්නවා මේකේ පඩි දෙන්නෑ කියලත් හරියට,දවසට..මට ඒවාත් අරුණ සර් කිව්වා.මට එතකොට ඕනේ වෙලා තිබුනේ ප්රැක්ටිකල් නිසා ඒවා ගැන මම සැලකුවේ නෑ..
මිස් දන්නේ නෑ මම කොච්චර සතුටෙන්ද ආපු දවස් වල කියලා.ගොඩක් දවස් වල 5ට ඕෆ් කිව්වට යන්නේ 7ත් පහු වෙලා..මට ජීවිතේට අමතක නොවෙන හදවතින්ම බැඳුන යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.ඒ අය උන්නේ මාස තුනක් උනාට මට සහෝදරයෝ තරම්ම හිතවත් උනා.ඒ රජිව් & උදේශික කියලා.අපි ආව ගමන්ම උන්නේ Stockline Project එකේ.ඒකෙ හරියට අපිව මෙහෙව්වේ නෑ.ඒත් දෙන දෙන වැඩේ ටක් ටක් ගාලා කරන්න අපිට පුළුවන් උනා හැමෝම සහයෝගෙන්.


ආන්න එතනදි තමයි පළවෙනි කණගාටුදායක සිද්ධියට අපිට මූණ දෙන්න වුණේ..
ඒ තමා අපිත් එක්ක එකට වැඩ කරපු ජනක කියන Tech Lead අපිට අසාධාරණ විදිහට සලකන්න ගත්තේ.එද්දි අපෙන් හැමදේම අහගෙන අහගෙන අන්තිමේ අපිටම කැපුව එක්කෙනෙක් උනා එයා.අන්තිමේ ලොකු ප්රශ්නයක් දාගෙන එයාත් එක්ක මගේ යාලුවෝ දෙන්නම අයින් උනා ඔෆිස් එකෙන්..මම ඉතුරු උනා.මොකද ඒ දෙන්නම Maths ඒලෙවල්.මම Commerce.ඉතින් මට ඒ චාන්ස් එක මිස් උනා.කමක් නෑ ඒක කියමුකෝ.මාවත් අන්තිමේ SkyBank එකට මාරු කලා.මොකද මම විතරයි අර මනුස්සයා ආව දවස් වල තිබ්බ Knowledge ගැන දැනගෙන උන්නේ.ඉතින් ඒ පළිගැනීම වලට අහු උනු මම මේ Project එකට ආවා.හිත සෑහෙන්න කළකිරිලා උන්නෙත්..
ඒත්..මට අලුත් කට්ටියෙත් ෆිට් උනා දවසින් දවස..අන්තිමේ ඒකත් අල්ලලා ගියා.තිවංක ආපු දවස් වලත් පහු වෙනකොට ගෞතම්/උශාන් පහුවෙද්දිත් මට සෑහෙන්න උදව් කලා.ටික ටික යද්දි මට කනට වැටුණා මේකේ සීනියර්ස්ලා කොහොමද කට්ටියට සලකන්නේ කියලා.ඒත් ඒ දෙවල් කනට වැටෙනකොටම මාව SkyLedger එකට මාරු කලා.

එතකොට තමා මට මිස්ව මුලින්ම හම්බවුනේ මගේ Project Manager විදියට.මම හිතා ගත්තා සීනියර්ස්ල ගැන මට ඇහුණු කථාව බොරු කියලා.මොකද මට අකුරෙන් අකුර System ගැන කියලා දුන්නේ මිස්.අදටත් මට ඒක මතකයි.මාව ගත්ත අරුණ සර්ටයි මාව මේ තරමට උගන්නලා ගත්තු මිස්ටයි හැමදාම මම ගරු කරනවා.ඒවා බලෙන් ගන්න ඒවා නෙමෙ.හිතට ඉබේටම එන හැඟීම..
කොහොමින් කොහොම හරි දවස දවස ගෙවුණා ජීවිතේ.දැන් ආයිත් අර කලින් ආසාව ඇවිත් හිතට.මේ වෙනකොට මට ඇවිත් මාස තුනක් ඕපන් ආර්ක් එකට.පසිඳුත් සෙට් උනා මට යටතේ වගේ.ඒත් කොල්ලො අතර මොකටද උස් පහත්කම්.මම එහෙම ලොකු දෙයක් පෙන්නන්න ගියේ නෑ.අන්තිමේ පසිඳුත් අපිට සෙට් උනා.අපි සතිඅන්ත හිටන් එන්න ගත්තා.ක්ලාස් කට් කරගෙන හිටන් ආවා අපි..මේ වෙනකොට මට මාසෙකට 15,000ක් විතර ලැබුණා..
ඔහොම ඔහොම යනකොට ඊළග හිත රිද්දන කථාව උනා.දවසක් සතිඅන්තේ ඇවිත් අපි දොර ඇරගන්න කියලා ඉර්ෆාන්ට කථා කලාම (වෙනදටත් අපි කථා කරනව ඇවිත්.එතකොට ඕකේ කියලා ඇරලා දෙනවා සිකියුරිටි එකට කියලා..)
අපිට හම්බ වුණු උත්තරේ දන්නවද මිස්.?
"මේක ඉස්කොලෙ කියලා හිතුවද ඕනේ වෙලාවට එන්නයි ඕනෙ වෙලාවට යන්නයි ?"
තව කියාගෙන කියාගෙන ගියා.අන්තිමේ වැඩකරන්න ආසාවෙන් ආපු අපි ඉර්ෆාන්ගෙන් වගේම සිකියුරිටිගෙනුත් බැනුම් අහගෙන ගෙදර ගියා..එදයින් පස්සෙ අපි සතිඅන්ත වල එන එක නැවැත්තුවා..
අපි මිස්ට ඔව්වා කිව්වේ නැත්තේ ඔව්වට කථා කරලා මිස්ටත් කොනක් ඒවි කියලා හිතිලා..
ඊලඟට තුන්වන සිද්ධිය..
තව දවසක් අපි රෑ වෙනකන් වැඩකරලා ගිහින් පහුවදා උදේම පසිදුව HR එකෙන් ගෙන්නලා ඇහුවා
"රෑ වැඩකරන්න දන්නවනම් ලයිට් නිවලා යන්න දන්නේ නැද්ද? " කියලා..එදා සිකියුරිටිට වහන්න කියලත් තමයි පසිඳු ගියේ.අන්තිමේ දෙගොල්ලන්ගෙන්ම බැනුම් අහලා එපා උනා මට වගේම පසිදුටත්.එදයින් පස්සේ Night Duty වලටත් තිත තියන්න අපි තීරණය කළා.මේ වෙනකොට _ _ අක්කා ඕනෙවට වඩා අපේ වැඩ වලට ඇඟිලි ගහන්නත් අරං.ඇයි කියලා නම් මම දන්නේ නෑ..
හැමවෙලේම අපි ගැන සැකෙන් උන්නේ.කරන දේවල්, යන එන ඒවා හිටන්.. :-(
මිස්ට මම හැමදාම මිස් කියල කථා කලේ ඒ අර ගරුත්වය නිසා.ඒ _ _ට මම ඒ ආමන්ත්රණය නොකලේ එයා ඒ තත්වයට සුදුසු නැති නිසා.අහන්න ගියාම දෙයක් කියලා දෙන්නවත් දන්නවනම් මම ඒ ගරුත්වය දෙනවා..
කොහොම කොහොම හරි පසිඳුට ලස්සනට කැපිල්ලක් දැම්මා මිස් එයාල මීටින් එකක් අරගෙන.එතකොට මිස් අර සතියක් නිවාඩු ගිහින් අසනීප වෙලා වගේ මට මතක විදිහට..පසිඳු කියන්නේ මාර මීටරයක්.විශ්ව විද්යාලේ පරිගණක තාක්ෂණේම කරලා ආව කොල්ලෙක්.අන්තිමේ එයත් අයින් උනා මේවා දරාගන්නම බැරි තැන.ඒකේ සම්පූර්ණ වගකිම යන්නේ _ _ට..
මිස් දන්නවද එච්චර Internal IT Degree එක අරගත්ත පසිඳු දැන් කොහෙද වැඩ කියලා ?
IT එපා වෙලා අන්තිමේ හමුදාවට බැඳුනා.දැන් දියතලාවේ කැම්ප් එකේ..මට අන්තිම කළකිරුණා.මාවත් කලකිරෙන විදිහට මාව මාරු කලා ඉන්න තැන් හිටන්.ඔහොම ඉන්නකොට මට අවුරුද්දත් ඉවර උනා.මේ වෙනකොට මට මාසෙකට 20,000 විතර හම්බ වුණා.එතකොට තමයි මාව ඇක්සිඩන්ට උනේ හදිසියේම බයිසිකලේ..මම හරීම සංවේදියි මිස් මම පොඩි කාලේ ඉදන් ඕනෙම දෙයක් ගැන ඕනෙවට වැඩිය හිතනවා.එතකොට මිස් Pregnant වෙලා උන්නු නිසයි මම ඒක මිස්ට නොකිව්වෙ.ඒ කාලෙට හිත කලබල වෙනදේවල් ඇහෙන්න හොඳ නැති නිසා මම අරෙහෙම පංතියේ වැටුණ කියලා කිව්වෙ..ඒත් ඒකෙන් මිස් බොරුකාරය උනා කියලා කිව්වම මාර විදිහට මටම දුක හිතුනා.කොහොම කොහොම හරි මම මාසයක් විවේක ගන්න කිව්ව එකත් අහන්නෙ නැතුවම වැඩට ආව සතියෙන්..අන්තිමේ වේදනාව වැඩි උනා.ඒ නිසයි මම ආයිත් නිවාවු ගත්තේ..එහෙම්ම මිසුත් නිවාඩු ගිහින් තිබුණා..
මාසේ ඉවර වෙලා ආවගමන් මාව DFCC එකට මාරු කලා.මාව _ _ යටතේ දැම්මේ.මේ වෙනකොට මම දන්නවා Trainees ලට කොහොමද Scholarship එකෙන් ආව Senoir කට්ටිය කොහොමද වැඩ දෙන්නේ කියලා.එයාලා අතරින් වර්ණිමයි තිවංකයි නම් අපිට හැමදේම හැමවේලේම කියලා දුන්නා කිසිම දෙයක් තියා ගන්නේ නැතිව..
ඔන්න ඉතින් DFCC ඉන්නකොට මට එතන ස්ටාෆ් එක ෆිට් උනා.ඉතින් ආයිත් වැඩකරන්න ආසයි.ඒත් එතන චතුර කියලා කෙනෙක් _ _ නැති වෙලාවල ඇවිත් අපේ සර්ගේ වැරදි කියනවා.මට හා කියන්නත් බෑ.බෑ කියන්නත් බෑ..ඔහොම ඔහොම ඒවටත් පුරුදුවෙලා උන්නා ඉතින්.
ඒ අතරේ නම් ගොඩක් හිත රිදෙන දේවල් උනා මට..ඒවායින් ලොකුම සිද්ධි උනේ අන්තිම දවස් ලං වෙද්දි.හතරවෙනි හිත රිද්දපු කථාව තමයි මම දවසක් වැඩ වෙලාවේ General Hospital එකට ගියා කියලා බැනුම් අහන්න උන එක.මාව පොඩි කාලේ ඉදන්ම හදපු ආච්චි හදිසියේම වැටිලා හදිසි අනතුරු වාට්ටුවට ඇඩ්මිට් කරලා තිබ්බා.ඒක අහපු ගමන් මට උන් හිටි තැන් අමතක වෙලා තමයි දුවගෙන ගියෙ.DFCC එකෙත් කියන්න කෙනෙක් උන්නේ නෑ එවෙලේ.ඒ මදිවට ඒ Lunch Time එක.ඉතින් කොහොමත් ප්රශ්නයක් නෑනේ.ඒත් ඒකට මම හොදට අහගත්තා පහුවෙලා..
ඉතින් දැන් ආයිත් මට කලකිරෙන්න අරං තිබ්බේ.මිස් දන්නෙ නැතුව ඇති මේ වෙනකොට මම උගන්නන්න පටන් ගත්තා Private Tution එක ලමයෙක්ට A/L වලට..ඉතින් එක දවසක් එහෙම හවස ක්ලාස් කරන්න තිබුනු දවසක්.
මම මුහුණ දුන්නු පස්වෙනි අමිහිරිතම අත්දැකීම එදා..
මට එදා Night ඉදලා කරන්න වැඩක් දුන්නා _ _.මම කිව්වා අද නම් බෑ කියලා.ඒ වැඩේ සතියකින්වත් කරන්න බැරි වැඩක්.ඉතින් දවසින් කරන්න කිව්වම හිතන්න මිස් මොන චේතනාවකින්ද ඒක කියන්න ඇත්තේ කියලා.අපේ අයියා වැඩකරන්නේ සම්පත් IT එකේ.එයාලත් DFCC එකේ Pawning System කරන්නේ.ඉතින් අර සිද්ධියට මට චතුර අයියල ඔක්කොම ඉන්න තැන මම අන්තිමට හිත රිදෙන විදිහට බැනුම් අහගත්තා.මම හිතා ගත්තා මම ආයිත් DFCC එන්නෙ නෑ කියලා.එන්නත් බෑ.අපේ අයිය අදුරන අයත් එතන උන්නා.
ඒ සිද්ධියෙන් පස්සෙ CEO මට අඬගහලා අවවාද කරලා ආයිත් මිස්ගේ SkyLedger Project එක Continue කරන්න කිව්වා.මේ ප්රශ්න මෙතනින් ඉවරයි කියලා.ඒත් මිස් දන්නවද මට ඊලග මාසේ පඩිය් එනකොට CEO Allowance 5000/= කපලා.Performance Deduction 2000/=.එහෙම එහෙම කරලා අන්තිමෙ මිස් මම අස් වෙනකොට මට මාසේට 9000/= පඩිය.මට ඔක්කොම එපා උනා මිස්.ඒත් මිස්ගේ Project එක නවත්තන්න බැරි නිසා ඉවසන් උන්නා.ඒත් මිස් 4ට ගියාම මිස් දන්නවද _ _ ඇවිත් මගේ මැෂින් එක ලග.මම කා එක්කහරි කතා කලොත් එයාව _ _ ලඟට අරගන්නවා.මා එක්ක කථා එපා කියලා කියනවා.ගෞතම්/හෆීස්/සම්පත් ඒ කා ගාවටවත් මට යන්න බැරි කළා.මම අන්තිම අසරණයි.මිස්ට කියන්නත් බෑ එතන වෙන ප්රශ්න හැදෙයි කියලා.අන්තිමේ මම තීරණයකට ආව මේකෙන් අස් වෙනවා කියලා.ඔහොම

ඔහොම ඉන්නකොට මට හදිසියේම ඔපරේෂන් එකට මුහුණ දෙන්න උනා.
ඒ කරලා එනකොට ඔක්කොම විසඳුනා මිස්.මට අලුත් තැනක් සෙට් උනා ඒ වෙනකොට.අද මම හිතේ සතුටින් ඇත්තටම සහෝදර සහෝදරියෝ වගේ කට්ටියක් එක්ක ආසාවෙන් රැකියාව කරන් ඉන්නවා.මට IT මුල්පොත කියලා දුන්න මිස්ට මේක නොකිව්වොත් හරි නැති නිසා මම මේක මේ විදිහට ලිව්වේ.
මට අන්තිමේ මිස්ට කියන්න පණිවිඩ දෙකක් තියෙනවා.මම UCSC Information Technology Degree Complete කලා මිස්.අද මම ඩයලොග් එකේ IT Unit එකේ Software Developer කෙනෙක්..

අදට මගේ Probation ඉවර වෙලා Confirmation Letter එකත් ආවා මිස්.එකම පවුලක වගේ staff එකක් එක්ක ඇත්තටම හිතේ සතුටින් ඉන්නව මිස් අම්මලා තාත්තලාට සලකන්නත් පුළුවන් හොද salary එකකුත් එක්ක..

මේ තත්වේට එන්න මගෙ අඩිතාලම හදපු මිස්ට අනේක වාරයක් ස්තූතියි..

ඒත් එදා යනකොට මේ විස්තර මොකුත්ම නොකියා ගියාට I AM REALLY VERY SORRY මිස්..

GOOD LUCK....!!!