පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..
---------------------------------------------------
මේ සිංදුවත් එක්ක ලස්සන කථාවකුත් තියෙනවා.ඔෆිස් එකේ මගේ යාළුවෙක්ගේ ආසම සිංදුව වුනා මේක ලඟකදි ඉදන්..
බලනකොට එයාගේ කලින් ආදරේ, ඒ කියන්නෙ ප්‍රථම ප්‍රේමය වෙලා උන්න ගෑණු ළමයා දැන් ආයිමත් ජීවිතේට යාළුවෙක් විදිහට එබිකම් කරන්න හදනවා.මෙයාත් එයා එක්ක මිතුරුකමක් ඉතුරු වෙලා තිබුණාට ඒ සීමාවෙන් එහා ගිහින් ආශ්‍රය කරන්න බෑ.
මොකද දැන් එයාගේ තනිය මකන්න ඉන්නේ දෙවෙනියට හදවතට ලං වුණ කෙනා නිසා..

No comments:
Post a Comment