Feb 11, 2017

අහෝ මා දුටු ජම්බුද්වීපය..!

කාලෙකින්..ඒ කියන්නේ ඇත්තටම පස්ටම පස්ට් කාලයකට පස්සේ ඕන්න ආවා බ්ලොග් එකට පෝස්ටුවක් අරන්. 

හේතුවකුත් තියෙන්න එපැයි නේද ඉතින් පෝස්ටුවක් ලියන්න හිතන් මෙහෙත්න්ට එන්න නම්. අන්තිමට බ්ලොග් එක ලිව්ව දවසේ ඉදන් අද වෙනකොට ගොඩාක්.. ඒ කියන්නේ ගොඩාක්ම ගොඩාක් දේවල් ජිවිතේ වෙනස් වෙලා. ඔන්න ඉතින් කියන්න යන කාරණේ පස්සට යනවා ඒවා කියන්න ගියොතින්. කමක් නෑ ඒවත් දැනගන්න එපැයි. ඒ නිසා මේ ප්‍රධාන කාරණාව කියලා ඉන්නම්. ඊට පස්සේ ඉතින් මගේ කාරණා ටික.

කියන්න යන්නේ ඉන්දියාව ගැන. ඉන්දියාවේ මොනා ගැනද කියලා බලයි දැන් සෙට් එකම. නෑ නෑ මම වින්ද අත් දැකීම් මේ ඉන්දියාවේ. (ඒ කිව්වෙ මේකා අපිටත් නොකියම ඉන්දියාවට ගොඩ බැහැලද.! ) 

ඔව්.. හරියටම හරි.!
මම පෙරේදා ඒ කියන්නේ 2017 පෙබරවාරි 8 මෙහෙට ගොඩ බැස්සා.හේතුව ඉතින් ඔෆිසියේ රාජකාරියක්.ඒකත් කියලාම එන්නම්කෝ.මම ඉගෙන ගත්තේ පරිගණක තාක්ෂණේ නිසා කරන්න සෙට් කර ගත්තේ IT ජොබ්ම තමයි.

පටාන් ගත්තේ OpenArc එකෙන්. ඊලඟට පවුලේ කට්ටියක් වගේ එකට ඉන්න  සෙට් එකක් සෙට් උන Dialog AXIATA PLC එක. ඊලඟට ඉතින් LankaBell. ඊලඟට INOVA ( ලංකාවේ මම IT Industry එකේ අංක එකට Recommend කරන, තම්න්ගේම කියල හැමෝටම සලකන හැමෝටම උදව් කරන් ඉන්න කට්ටියක් ඉන්න තැනක් එතන ) ඊලඟට දැන් රාජකාරි කරන්න කියලා ආවා WSO2 එක.මේක WSO2 කිව්වට ඒකයි DIALOG එකයි එකට එකතු වෙලා හැදුනු කොම්පැණියක් (WSO2Telco). අහන්න දෙයක් නෑ ඉතින් එකෙන්ම සුපිරි සෙට් එකක්, ඒ කියන්නේ IT Technology වලින්, අලුත් අලුත් අදහස් වලින්, මනුස්සකම් වලින්, මේ කියන හැම දේකින්ම පොහොසත් Team එකක් ඉන්නවා මෙහෙත්..

මම මෙහෙ දැන් අවුරුදු 2+ වැඩ. පොඩි Team එකක් විදිහට පටන් ගත්ත කාලේ ඉදන් උන්නු නිසා පොඩ්ඩක් ලොකු වගේ කියන Post එකක් හම්බ වෙලා, ඉන්නවා ඉතින් ඒකේ වැඩ ටික කරගෙන. ගිය මාසේ දවසක අපේ Team එකේ භාරව ඉන්න බොස් අහලා තිබ්බ මගෙන් ඉන්දියාවේ දැන් දාල තියෙන System එකේ වැඩ එහෙම බලන්න දැම්මොත් පුලුවනිද යන්න කියලා. මම ඉතින් ලේසියකට බෑ කියන්න පුරුදු කෙනෙක් නෙමේ නිසා "හා" කියලා දැම්ම. ඒත් ඉතින් Sure එකක් නෑ මොකද ඉස්සරත් අපිට යන්න ආව Chance එක නූලෙන් මිස් වුනා. 

මෙන්න බොලේ එක පාරටම ගිය සතියේ සඳුදා බොස් ඇවිත් ඇහුවා නම කියලා.
"මේ සතියේ යන්න කිව්වොත් පුළුවනිද.? "

"හා" මගේ සුපුරුදු උත්තරේ..

ටිකකින් ආවා HR පැත්තෙන් ඇමතුමක්..

"ඔයාව ඉන්දියාව යවන්න Plan කරල තියෙන්නේ. Passport එක ගෙනත් දෙන්න පුලුවනිද.?"

"හෆොයි අද නම් ගෙනාවේ නම් නෑ..හෙට දෙන්නම් ගෙනල්ලා.."

"හරී ඕකේ.."

මට පස්සේ මතක් වුණේ මගේ NIC අංකේ වෙනස් උනා පස්සේ කාලේක දිනයයි NIC No'යි ගැලපෙන්නේ නැති නිසා. ඒක Passport එකටත් බලපෑවා. ඉතින් ඒක හදාගන්නත් එපැයි. මට ගොඩක් වෙලාවට " හා / ඔව් / හරි / තියෙනවා " වගේ උත්තර දීලා ටිකක් වෙලා ගියාම තමයි පත්තු වෙන්නේ හුටා මේක එහෙම කිව්වට ඇත්තටම එහෙම්මම නෑනේ නේද කියලා. 

කමක් නෑ පහුවදාම ගියා ඉතින් පාස්පෝර්ට් ඔෆිස් එකට. කලින් දවසේ පාස්පෝර්ට් වෙනස් කරන Form එක Print කරන් පුරවන් රුපියල් 500/- එක්ක ගියා. හිතුව වගේම උදේ 10.00 වගේ වෙනකොට වැඩේ හරි. ඉතින් ආවා රූන් කියලා ඔෆීස් එකට. ආව ගමන් ඉතින් පාස්පෝට් පොත HR මැඩම්ගේ අතේ තිබ්බා.

මම හිතුවා ඉතින් තිබ්බ හදිසියට පහුවදාම රට පටවයි කියලා. 

අනේ කොහෙද ඉතින්.. සද්දයක් බද්දයක් නෑ ඒ ගැන. ඉතින් මාත් ඒ ගැන නොහිතා වැඩපල කරන් ගියා. හරියටම අඟහරුවාදා Travel Agent කියාපි ඔන්න 
"බදාදා යන්න තියෙනවා ලෑස්ති වෙන්න. ඒ කියන්නේ හෙට.! "

"හරි.." ආයිමත් සුපුරුදු උත්තරේ..

ඒ පාර නම් හරි ඔක්කොම. බොරු කියන්ට කාරි නෑ, බොක්කත් ටිකක් ගැහුණා. හේතු නම් ගොඩායි. එකක් තමයි වෙඩිම අත ලඟ (නැකැත් පත්තරේ අරන් ගිහිල්ලත් නෑ තාම ඒත් ඉතින් බ්ලොග් එකේම දාන්නම්කෝ මුලින්ම. එන මැයි මාසේ තියෙන්නේ..). 

එදා ඉතින් කොයි එකටත් කියලා අලුත් Partner පිටේ නැඟලා තමයි Office ආවේ කලින් පැන ගන්ටත් එපැයි.! 

අලුත් පාට්නර් කිව්වම ඉතින් කියන්න ඕනේමයි කියලා හිතුනා මේ ටිකත් කියන්න.මගේ අවුරුදු දෙකක් තිස්සේ උන්නු පාර්ට්නර්ව 



දුන්නා මගේ හොදම යාලුවට. ගත්ත ඉක්මන්ට ඉක්මන්ට හොයලා හොයලා අලුත් එක්කෙනාව.





අතරින් පතර කෑලි අදින්නේ මොකෝ බලන්ට එපා ඉතින්. නැත්තම අර මම මුලින් කිව්ව ජීවිතේ මේ කාලේට වෙනස් වෙච්ච ඒවා ආයිමත් ලියන්ට එපැයි. දැන් මෙහෙම කතාව ලියාගෙන යනකොට දානකොට ලේසියි. බලන අයටත් පහසුයි. කොහොමින් කොහොම හරි එදා, කලින් පනින්න නම් ලැබුණේ නෑ. යමින් ගමන් කැළණි පන්සලුත් ගිහින් ගෙදර යනකොට රෑ 10.00 වෙලා. ඊට පස්සෙ ඉතින් නිදා ගත්තා. පහුවදා Flight එක තියෙන්නේ උදේ 07.50ට. ඒත් ඉතින් පැය 5 ක් කලින් යන්න ඕනෙලුනේ Airport, ඒ නිසා ඉතින් 2.00 වෙනකොට ඇහැරුණා උදේම.
තව ගලපන්න දෙයක් තියෙනවා කතාවට.
මේ හැමදේම වෙන අතරේ මගෙ Life Partner ඒ කියන්නේ මම Marry කරන්න ඉන්න මගේ වෙන්ඩ Wife ඉතින් දැනුවත් කරලා තිබ්බේ. කල් තියා කිව්වා, මෙහෙම මාසෙක විතර ගමනක් කියලා. දන්නවනේ ඉතින්, හැමවෙලෙම හම්බවෙවී කතාබහ කර කර ඉදලා එකපාරටම මාසෙක විතර බ්‍රේක් එකක් ගහන්න යනකොට  හැමකෙනාටම එනවා වගේ mood එකක් එයාගෙනුත් ආවා. මම ඒත් යන පැත්තට බර කරලම කිව්වේ නෑ. මට බයයි මූඩ් අප්සට් වේවි කියලා. තව අර මම ආසම කරන ඒ ලස්සන හිනාව පිරිච්ච මූනට ලොකූ ප්‍රශ්නෙක පැටළුණු කෙනෙක්ගෙන් දකින ඉරියව් එක්කරන්න ඕනි නෑ කියලා හිතුනා. හැබැයි යන්න කලින් දවසේ නම් වාහනේ ආව නිසා, එමින් ගමන් ගත්තා කෝල් එකක්..

" හෙලෝ ස්විටී.. කොහොමද.? '

" අයියේ.. මම හොඳින්.. "

" සැපෙන් සනීපෙන් සතුටෙන් නේද..! "

" ඔව්.. ඔයා.? "

" හ්ම්ම්.. ඉතින් ඉතින්.. අම්මා ආවද වැඩ ඇරිලා.. "

" ඔව්.. අම්මා ආවා. ඔයා කොහෙද දැන්, තාම ඔෆීස් ඒකේද.? රෑ වෙනවද අදත්..! "

" නෑ.. අද කලියෙන් පැන ගත්තා.. "

" හානේ.. ෂොයි.."

" එහෙනම් පරිස්සමට ගිහින් මට කෝල් කරනවද.? "

එයා එහෙමයි ඉතින් කෝල් කලාම. මම Drive කරන ගමන් නම් තියන්නමයි හඳන්නේ. බය නිසා වෙන්න ඕනි. ඒත් මම හිතන්නේ හෙට යන කතාව කොහොම පටන් ගන්නද කියල. එක්කෝ හම්බවෙලාම කියනව කියල හිතා ගත්තා. තව ඉතින් අද ගිය ගමන් නිදා ගන්නවා, ආයිමත් කෝල් කරන්න වෙලාවක් ලැබේදෝ කියලාවත් දන්නේ නෑනේ. හැමදාම තියෙනවා කියල හිතන් ඉන්න ඒවා හැමදාම තියෙනවා නම් ලස්සනයිනේ ලොකේ.
මම දැන් එයා හම්බවෙන්න එනකතාවක් කිව්වෙ නෑ. ඒත් Car එක පැදගෙන යනවා කෝට්ටේ පැත්තට. පටන් ගත්ත වෙලේ ඉදන් ඉතින් ඒ ගැන කියන්න වෙලාවක් ආවෙත් නෑ. මොකද කියනවා නම් වෙඩිම ගැන බර කතාවක් ඇදිලා ආව නිසා.

ඔන්න එක තැනකදි Cut වුනා කෝල් එක. අපෙ ගෙවල් නම් ඉතින් සපුගස්කන්දේ ඩොටේ නිසා කට් වෙනවා කීප තැනකදි. නංගිට මම ඒ තැන් ටික කියලා තියෙන්නේ. ඉතින් පුරුදු විදිහට ආයිත් ගත්තා.

" අයියේ.. ඇයි කට් වුනේ, ගෙවල් ලඟයිද.? "

" නෑ නංගි.. මේ තව කට් වෙන තැනක්.. ඒ තැනත් මතක තියා ගන්නකෝ එහෙනම්, උඩුමුල්ල හන්දිය"

" එහෙමද.. අපේ පැත්තෙත් තියෙනවා එහෙම හන්දියක් නම්.. "

කිව්වට තේරුණේ නෑ වගේ වැඩිමනත්.. විහිලුවක් කියලා හිතාගන්න ඇති ෂුවර් එකට ඉතින්. මම ආයිමත් කිව්ව ඒ පාර.

" තේරුන් නෑ නේද.. මම ඇත්තටම ඒ උඩුමුල්ල හංදියෙන් තමයි හරවනකොට Cut උනේ. "

" බොලූ... "

" ඇත්ත බබා.. ඔන්න එන්න Gate එක ඇරගෙන පාරට. මම ඇවිල්ල ඉන්නේ ගේ ලඟට "

" ඒ මොකද ඒ.? "

" නෑ යමින් ගමන් පොඩ්ඩක් බලලා යන්න ඕනි කියලා හිතුනා. අවුල් වගේද එලියට එන එක මේ වෙලාවට.? "

" කමක් නෑ. ඉන්න මම අම්මට කියල එන්නම් " කියලා Phone එක තිබ්බා.

මමත් කාර් එකෙන් එළියට ඇවිත් ඉන්නව ඉතින් බලන්. ටිකකින් නංගි ආව.

" හානේ ගෙදර ඉන්න ගමන් දුවන් ඇවිත් කලබලෙන් "

" නෑ එහෙම නෑ.. "

" අප්පේ ලස්සන අද..! "

" අනේ මේ.. "

" ඇත්තට කිව්වේ " 

" හ්ම්ම්..හා හා එහෙම හිතමුකෝ.. ඇයි මේ හදිසියෙන්ම දුවන් ආවෙ.? "

" නංගි.. "

" ඇයි.. "

" මම හෙට උදෙන්ම දිල්ලි යනවා.. පැය පහක් කලින් ඉන්න ඕනි නිසා ඉතින් 2.00 වෙනකොට පිටත් වෙනවා. "

මම දැක්කා එයා අමාරුවෙන් face impressions ටික හංගා ගත්ත හැටි. කමක් නෑ ඒ දේ මම දැක්කෙ නෑ වගේ උන්නම හරිනේ.. මම නෝමල් විදිහටම ඉතින් කතාව continue කලා.

" හදිසියෙම නංගි කීවේ මට, හවස. ඉතින් එ නිසා ඇවිත්ම කියන්න හිතුනා යමින් ගමන්. "

" හා.. එහෙනම් පරිස්සමට ගිහින් එන්න. ඉක්මන්ට ඒ දවස් ටික ගෙවෙයි! "

" හ්ම්ම්... මම උදේන් කතා කරන්නම්. අම්මටත් කියන්න හොදේ.. "

මට යන්න බෑ බෑ වගේ ලෝභයි.. නොයාත් බෑ.. ඉතින් අකැමැත්තෙන්ම නැංගා කාර් එකට. කෙලින්ම කැලණි ගිහින් ඉතින් කිව්වත් වගේ රෑ වෙලා නින්දක් දාල එහෙම 2ට ඇහැරුණා.

Wash දාල කරල එහෙම ඉතින් ලෑස්ති උනා. බඩු මුට්ටු දාගන්න ලොකූ බෑග් එකක් අයියලා set කලා මට. ඒකේන් වැඩේ ලේසි උනා. කොහොම හරි යන්න මගෙත් එක්ක අම්මයි තාත්තයි අයියයි අයියගේ wife'යි ආවා.

උදේ 3.30 වගෙ වෙනකොට අපි Airport ආවා. එතනින් ඉතින් එහාට අපේ කශ්ටියට එන්න බැනේ. ඉතින් අකැමැත්තෙන් උනත් Tata.. Baaai පාරක් දාල ආවා Airport ඇතුලට.

හිතන්නකො ඉතින්.. 
පළවෙනි පාර මම Airport එකක් ඇතුලට ඇවිත්. පොර වගේ ආවට, යන්නේ කොහෙද කින්ද මන්ද මෙලෝ සසරක් නෑ.

කශ්ටිය යන පාරේ මමත් ඇදීගෙන ගියා. මුලින්ම Check-In පෝලිම. එතන උන්න පැය දෙකක් වගේ. එතනින් මට හම්බ උනා Flight ටිකට් එක. තව., අමාරුවෙන් උස්සන් ඇවිද්ද බඩුමල්ල එකේ Baggage track එකේ පටෝලා ඇරිලා. ටිකක් විතර සැහැල්ලුයිලු ඉතින් ඔන්න මට. ඊලඟට යන්න තියෙන්නේ "විගමන" කියන දොරෙන් ගිහින් තව තැනකට. එතන කරන්නේ අපේ විදේශ සේවා නියාමන එකෙන් පාස් පොත බලනවා වගේ වැඩක් වෙන්න ඕනෙ.. 
ඒ වැඩේත් හරි. දැන් තියෙන්නේ Flight එක ආවම නගින්න තමයි.. ඉතින් මේ ඔක්කොම ඉවර වෙනකොට වෙලාව ඇති උදේ 6.00ට වගේ. තව වෙලා යනවනේ ඉතින් මම පොඩ්ඩක් Duty-Free Shops පැත්තේ රවුමක් ගැහුවා. මගේ හිතේ ඔක්කොම ඒවා ලාබයි කියලා. ඉතින් බඩගින්නත් නිසා ගියා Burgers King. ගත්තේ මගේ සුපුරුදු කෑම සෙට් එක. 1 cappuccino & 1 Burger . බිල බැලින්නම් LKR 1900/-. යකෝ මුන්ට හෙනගහනව කියලා කියවුණා හිතෙන්. කමක් නෑ ඉතින් කාල පොඩ්ඩක් ඉදලා ආවා 6.45ට වගේ ගේට්ටුව ලඟට. එතන පෝලිම පොරකනවා. මම කලින් ආව නිසා ඉක්මනටම චෙක් කරලා ඔක්කොම කරලා ඇතුලට ගත්තා. එතකොටම ප්ලේන් එකට කට්ටිය එක්කන් යන බස් එක ඇවිත්. මම ඒකට ගොඩ උනා. දන්න කියන බව්වෙක්වත් නෑ ඉතින්. කෙලින්ම එක්කන් ගියා බස් එකෙන් Flight එකට. රැග් කාලේ පුරුදු වෙච්ච හොද ගතිගුණයක් තමයි අපායට උනත් කලින් යන එක. ඉතින් මම කලින්ම ගිහින් නැග්ගා. සුපිරි ඉතින් බවන වගේ. වාඩියක් දැම්ම seat එකේ. Shutter එකක් තිබ්බේ නෑ ලඟ. කමක් නෑ කියලා උන්නා ඉතින්. කොහොමින් කොහොමහරි මගේ දකුණු පැත්තේ ඉන්දියන් කාරයෙක්. වම් පැත්තේ ලංකාවේ නැන්දා කෙනෙක්. එයා දඹදිව චාරිකාවක් යනවා. මම ඉස්සරහා Screen එක ඇරන් Film එකක් දාගෙන බලන්න ගත්තා. Suriya'ගෙ 24 Movie එක. නියම කතාව.. ෆිල්ම් එකේ පැය තුන ඉවර වෙන්නත් කලින් ගොඩ බැස්සා ඉන්දියාවටත් ඔන්න..

කන් අඟුලු වැටිලා. නිදිත් මතයි. පිටිපස්සේ ජනේලෙන් බැලුවා. Haffoi..! ඈතට ඈතට පෙළට පේනවා මුඩුක්කු සෙට් එකක් වගේ. මට මේ මොකක්ද කියලා හිතුණා. බැස්ස ගමන්ම දැක්කේ ඈතින් ඈතට අහසේ කෙලවරක් නොපෙනෙන මීදුමත් එක්ක කලවං වෙච්ච දූවිල්ලක්. මට Face Mask එකක් ගන්න අමතක වුණා කියලා මතක් වුණේ එවෙලේ. ඉතින් කොහොමින් කොහොම හරි ටැක්සියක් අල්ලන් හෝටලේට ආවා. දැන් ඉතින් February 25 වෙනකන් මෙහෙ තමයි.

කියන්න තියෙන දේවල් මේවා.

1. මෙහෙ උන්ට හින්දි විතරයි. වෙන මෙලෝ මල දානයක් තේරෙන්නේ නෑ..

2. මෙහෙ අම්බානක දූවිල්ල ලෝකයක්. හින්දි දෙමල Filmz බලලා ඒ තියෙන ඉන්දියාව තමයි මෙහෙ කියලා හිතන් එන්න එපා. ගන්න දෙයක් නෑ එහෙම  මොනවත් නෑ.

3. මෙහෙ Tap වතුර බොන්න බෑ.එනකොට වතුර ගේන්න පොඩ්ඩ දවසකට එනවානම්. ගොඩ දවසක් ඉන්න නම් එන්නේ අනිවාර්යෙන්ම හොද හෝටලේක නවතින්න.

4. කෑම කනකොට KFC, MacDonald, Pizza hut වලින් කනබොන එක ඇඟට ගුණයි. පොඩ්ඩක් වුණත් අවුලක් නෑ .හිතට බයක් නෑ. අනිත්වා ඔක්කොම මොනවදා මන්දා කුළුබඩු අම්බානක අනලා හදන ඒවා. ඉතින් ඇඟට දිරවන එක වෙනස් වෙන්න පුළුවනි කෙනෙක්ගෙන් තව කෙනෙක්ට.

5. කිසිම මනුස්සකමක් ගෑවිච්ච එවුන් නෙමේ ඉන්නේ මෙහෙ. කෝච්චියක ලමයි වඩාගෙන නැග්ගත් Seats නෑ අපේ රටේ වගේ. ( අම්මො ලංකාව නම් දාහෙන් සම්පතක්. ඒක තේරෙන්න මේ වගේ රටකටම එන්න ඕනි. )

6. පාරක් පනිනවා කියන එක මාරයාත් එක්ක කරන සෙල්ලමක් වගේ. එකෙක්වත් වේගෙ අඩු කරන්නේ නෑ. තව., මෙහෙ හැම වාහනේම හැප්පිච්ච පාරක් තියෙනවා. ඉතින් හිතාගන්නකෝ හැටි. ඒවා සාමන්‍ය දේවල් එයාලට. හෝන් ගහන් තමයි එලවන්නේම.

7. මෙහෙ කොල්ලොත් කෙල්ලොත් අමුතු ලස්සන සුදක් තියෙනවා හමේ. හැබැයි හැම එකාම පොලවේ පය ගහල ජීවත් වෙන එවුන් කියලා හිතෙන් නෑ. Mobile Phone එක ඔබන් කනේ Earphone ගහන් දුවන එක තමයි හැමෝගෙම ලොකුම වැඩේ.

මට මෙහෙ සෙට් වුණේ Sheshan කියලා සිරා කොල්ලෙක් අපේ ඔෆිස් එකේ ඉන්න. පොරත් එක්ක ඔෆිස් යනව, එනවා. කන්න යනව, එනව.
තව...ලස්සන ලස්සන Shopping Mall වලට ඔළුව දාල බලල එනව නිවාඩු දවස් වලට. මේ ටිකෙ ගියපු කරපු ඒවා එහෙනම් photos එක්ක දාන්නම්කො බලාගන්න හෙමිහිට හෙමිහිට ඉස්සරහට. 

එහෙනම් ගිහින් එන්නම්.

ජය වේවා හැමෝටම..!