Sep 25, 2017

දෑස පියා ගෙන මා බිලි දී දිය ගැඹරට..

කාලෙකින් ඉතින් තව පෝස්ටුවක් ලියන්න හිතුනා. අන්තර්ජාලෙන් දැක්කා අපේ රටේ යොවුන් නළුවෙක් සියදිවි හානි කරන් කියලා.එයාගේ මූණුපොතේ දාලා තිබුණා මෙහෙම වැකියක් මිය යන්නට කලියෙන්. "දෑස පියා ගෙන මා බිලි දී දිය ගැඹරට ගැලවි යනු මැන මේ විපතෙන් සිත දැඩි කොට.." මට හෙනම කුකුස ඉතින් මොකද මේ වගේ කෙනෙක්ගේ වෙන්න බෑ මේ සිතිවිල්ල නම් කියලා. ඉතින් මම හොයනකොට අනේ තිබ්බා මුළු සින්දුවම අන්තර්ජාලයේ කතාවත් එක්කම.විඩීයෝ එක බලනකොට එතනින් ප්‍රතිචාර ගොඩෙන් පුළුවනි හොයාගන්න ඒ කතාව.මම ඉතින් ඒකෙන් උපුටලා දැම්මා කතාවම මෙතනට. කතෘතුමනි කමත්වා..! තේමා කතාව : වළගම්බා රජු රාජ්‍යත්වයට පත්වී වසරකට පමණ පසු එනම් ක්‍රි.පු. 104 සියවසේදී පමණ සොළීන් විසින් රට ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණය හමුවේ රජුහට පළා යාමට සිදුවිය. රජු පළායන රථයේ වූ පිරිස අතර මෙහෙසියන් වූ අනුලා සහ සෝමා ද අනුලාගෙ පුතු තිස්ස සහ සෝමාවගේ පුත් නාග යන අයද වූහ. රථයේ වූ පිරිස නිසා එහි බර වැඩිවී රජුට වේගයෙන් පලායා නොහැකි දෝ බියෙන් සෝමා දේවිය රථයෙන් බැස සෝළී හමුදාවට යටත් වූවාය. වළගම්බා රජු වසර 12ක් සැගව සිට සේනා සන්විධානය කොට නැවතවරක් සිරිලක රජකමට පත්විය. දිවි පරදුවට තබා රජුගේ දිවි රැකදුන් සෝමා දේවිය හට ගරු කරනු වස් රජු විසින් ඇය රථයෙන් බැසගිය ස්ථානයේ සෝමාවතී මහා දාගැබ ඉදි කරවන ලදී. සෝමා දේවියගේ මෙම වීර ක්‍රියාව නිසා ඇය හෙළයේ වීර කාන්තාවක් ලෙස වංශ කතාවන් හී සදහන් වේ . මේ හා සමාන කතා වස්තුව පාදක කරගනිමින් නන්දාමාලනී විසින් එම සිදුවීම නැවක නිවමුවකු සහ ඔහුට ඇලුම් කල අයකු උපමා කරමින් මෙසේ ගීතයකට එක්කරන ලදී... අරුත් ගැන්වුම : රුවල් ඉරීගොස් වයෝවෘද වූ යාත්‍රාවේ ආදරණීය නියමුවානනී මේ නැගෙන සුවිසල් චන්ඩ වූ රළ පහරත් සමග සටන් කොට දියේ නොගිලී ගොඩබිමක් සොයා ඔබ හා යන්නතරම් අප දැන් ශක්තිමත් නොවෙමු, මා ද, අප ගමන් ගන්නා රථයද බොහෝසෙයින් දුර්වලය. ජීවිතය පිළිබද සියළු උත්සහායන් බලාපොරොත්තු සිදී බිදී ගොස් ජීවිතය නතරවන්නට සුදානම් වන මේ මොහොතේ, මට ඔබෙන් වෙන්ව යා යුතු නිමේෂය ලංව ඇත. ජීවිතය දුක් කරදර මැද විසිරීයයි.මා හා බැදි සෙනෙහස අත් හැරීමට අපහසුය. එහෙත් කම්පාවෙන් වුවද මා අත්හැරිය යුතු මොහොත කෙමෙන් කෙමෙන් ලංවන බව සිහිපත් කල යුතුය.. මා හා රැදී සිටිමින් පලක් නොවන්නේය.එබැවින් ඔබ මේ විපතින් ගැලවී යනු මැනවි. අප දෙදෙනාටම මෙයින් ගැලවී එක්ව යා නොහැකිය. ඔබට මා සුභ පතමි. ඔබ ආරක්ශිතව සතුටින් අනාගතයේ චිරාත් කාලයක් ජීවත් වේවි කියා මා හදවතින් ප්‍රාර්ථනා කරමි. ගීතය: රුවල් ඉරී ගිය නෞකාවේ.. නියමුවානෙනි... නොගිලී දළ රළ පෙල අතරේ මාහා යා නොහැකිය ගොඩබිමකට රුවල් ඉරී ගිය නෞකාවේ... දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින් උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම.. රුවල් ඉරී ගිය නෞකාවේ... සුන්බුන් නැව් බද දියඹත් වි යයි හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස දෑස පියා ගෙන මා බිලි දී දිය ගැඹරට ගැලවි යනු මැන මේ විපතෙන් සිත දැඩි කොට.. රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි, නොගිලී දළ රල පෙර අතරේ මා හා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ . -පදවැල: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්