Mar 11, 2021

පුරුදු පාරෙම අදත් යනවා...

විචාරයක් ලියන්නත් හිතුණා.එක්කෝ ඇහුණු පදපෙල ලියලා තියන්නම් දැනට. හිත ඇතුලටම කාවදින ගීයක්.


පුරුදු පාරෙම අදත් යනවා

ඒත් වෙන ගමනක් පුතේ 

හුඟක් අය මගෙ පස්සේ එනවා 

තනිව ආ ගිය මගේ ..

කවමදාවත් මගේ බර උඹේ 

කරේ තිබ්බේ නෑ පුතේ 

හුඟක් බර නම් බිමින් තියපන් 

රිදෙනවා ඇති අත උඹේ .. 


කන්ද පාමුල සොහොන හුරු නෑ 

දන්නවා මං මගෙ පුතේ 

මගේ තනියට තවත් අය ඇති 

අඳුරගන්නම් හෙට උදේ . . .


සොබාදහමට අවනතයි මං 

ඉතින් යන්නම් ගොම්මනේ 

යන ගමන් මේ බේත් තුන්ඩුව 

අරන් පලයන් අම්මගේ . . .


ගායනය /සංගීතය : රවී රොයිස්ටර් 

පද රචනය : ඉරේෂා හේමමාලි

No comments: