Sep 10, 2021

අලුත් ජීවිතේ සහ පරණ නොවන පාට්නර්ස්ලා...

 කාලෙකින් තමයි බ්ලොග් එකට ආවේ ලියන්න කියලා

සමාජජාල වලින් අඳුරන කට්ටිය දන්නවා මම මේ වෙනකොට මව් රටින් කිලෝමීටර් 8000ක් විතර ඈත රටක විත්තිය

නමුත් සමාජජාල වල මම වැඩිපුර නොගැවසෙන නිසාත් ඒවායේ පළකරන්න බැරි කරුණු කාරණා ටිකක් තියෙන නිසාත් මම මෙතන තෝරාගත්තා ඒක පලකරන්න.

ඒ තමයි අකැමැත්තෙන් සමුදුන්න දෙගොල්ලක් ගැන කියන්න

#පලවෙනියටම මගේ අතිජාත මිත්‍රයා.කවදාවත් මාව මඟක නතර නොකල මාව ගමනාන්තෙටම අරන් ගියපු එයාට මමත් උපරිම සලකලා ඒ වගේම සලකන කෙනෙක්ට දීලා ආවා.



බ්ලොග් එක අවුරුදු ගාණකට කලින් පටන් ගන්නකොට දකුණෙන් දාලා තිබ්බේ කාර් එකක පොටෝ එකක්, කවදාක හරි ලංකාවේ කැමතිම වාහනේ අරන් දවසක් හරි පැදලා තමයි යන දේශදීපංකරේක යන්නේ කියලා හිතාගෙන.ඒ කාලේ මේක ලියන්න ගන්නකොට බයිසිකලයක්වත් නෑ හරියකට.නමුත් මහන්සියයි කැපවීමයි තියේනම් කරන්න බැරි දෙයක් නෑ.දැන් ඉන්න පරම්පරාවට කියනවනම් ඉතින් දේශණා විදිහට කියන්න පුළුවන් අපි කොහොම්ද ගොඩ නැඟුනේ වැටිච්ච තැන් නැගිට්ට තැන් ඔක්කොම..නමුත් තව කෙනෙක්ගෙ අහනවට වඩා තමන්ට ගල්මුල් එනකොට ගේම ගහන් ඉස්සරහට යනවනම් තමයි ඉතින් ඩෑල් එකක් වෙන්නේ.අනික ආගම සහ දේශපාලනේ වගේ මිනිස්සු අප්සට් ගස්සන ඒවාට කියන දෙකත් අන්තවාදි නොවී යන්න පුළුවන් නම් ගොඩාක් දුරට අවුරුදු 5ක් 10ක් ටාගට් පස්සෙ දුවන එකෙක් කවදාවත් වැටෙන්නේ නෑ හරියට දිව්වොත් වෙනස් නොවී..

# හැබැයි දෙවෙනියට සමුදෙන්න උනේ නම් අර තරම් හිතේ සතුටකින් නම් නෙමේ. අපේ අවුරුදු හතරක් තිස්සේ උන්නු සුරතලා, පොඩ්ඩගෙ කලණ මිතුරා, වයිෆිගේත් සඟයා, මගෙ නම් ඉතින් දුකට සැපට ෆිට් එක..
අර කතාවට කියනවනේ බව්වෙක්ට කන්න මොනාහරි දීලා නැට්ට වැනුවනම් හැමදාටම ඌ ඒක අමතක කරන්නේ නෑ කියලා...මනුස්සයෙක්ට හැබැයි කරන්න පුළුවන් හැමදේම කරත් සත පහකට විශ්වාස කරන්න බෑ කොයි වෙලේ වෙනස් වෙයිද කියලා...ඉතින් එහෙම අපි එක්ක හැමදේටම උන්නු බව්වව තමයි අපිට නැති උනේ..

අපි යන්න ලැස්ති වෙන එක කොහොම ඉවෙන් තේරුණාද දන්නේ නෑ අපිට යන්න උනේ එයාට සදහටම සමුදීලයි



ඉතින් මේ විස්තරේ තමයි ලියන්න ආවේ බ්ලොග් එකට. ජය වේවා හැමෝටම..

"If you can't fly then run, 
if you can't run then walk, 
if you can't walk then crawl, 

but whatever you do you have to keep moving forward.” 
- Martin Luther King, Jr.

No comments: