Nov 11, 2022

කීරී ගැහෙන කවියක් අහුලා ගත්තා මූණූ පොතෙන්..

මහා වැහි දවසක

වැහිලිහිණියන්ටත් අඬන්න 

අමතක වුන හවසක

එදිනෙදා වැඩ ඉවර වී 

මිනිස්සු යෙනෙන මොහොතක

දවසෙ වැඩ ඇරඹුම ආවේ 

කාකි ඇඳුමක කරමත

නාඳුනන මරණයක් කිව්වාම පළමුව

හිත හැමදාම මෙන් සෙලවුනා හුරුව⁣ට

ඇසිඩ් හලාගෙන බං

පුච්චගෙන හොඳටම

වයස, ස්ත්‍රී පුරුෂ 

කියද්දි සාජන් විස්තර

කාගෙ හරි දරුවෙක්නෙ කියා

බර සුසුමකි හදවතෙන් පිට වුන..!

___________________________________

කඩාගමි සසර පුරුද්දට කාල එක උගුර⁣ට

කෙල ගසා විසි කරමි දුක,බිය හනික ඉවතට

ගනිමි සැත, ෆෝමලීන් පොලිතීන් ලඟටම

බාල පෙට්⁣ටියක දිග අරිමි ජීවිතේ නිරුවත

මැරුණට පස්සෙ මොකටද කොහොමත්

දැම්මාට නොයෙකූත් කැටයම

දෙන වැසූ ඉටිකොලය ඉවත දා හනිකට

පටන් ගමි ජීවිතේ මෙනෙහි කරන්නට අනිත්‍ය

ගෙලට උඩ සිට අඟුරු කැබැල්ලකි උවනෙත

හිතකින් කරන්න පුළුවන් ද 

මෙහෙම දෙයක් කිසිදින

අනික,

සියදිවි නසාගන්නත් වෙන ක්‍රම නැතිවද

________________

කාරලා කෙල සමඟ ඉවත දා යලි දුක

ඉවත් කරලමි ඇය ඇඳන් සිටි ඇඳිවත 

එක වරට දුටු දෙයින් නතර වූ හදවත

ප්‍රාණවත් කරගමි දුම්වැටියක් දල්වා හනිකට

කව්රුත් නැද්ද මහත්තයෝ අයිතිකාරයෙක් මේකිට

__________________________

කවුරුත් නෑ බං සිරිල් අඳුනගත්තෙ ඕකිව

කොහොම අඳුනගන්නද බං ඉතිං 

අඟුරු වුනාම මුහුණත 

_________________

පෙරලා දා පිට පැත්ත හනිකට

සැක හැර ගනිමි

වෙවලමින් අත් දෙක

 ________________________

ගෙදරින් ගියේ තරහ වීලයි ප්‍රේමෙකට ඉස්සර

අඳුනගනු බැරිද මට ආදරෙන් හදපු අත් දෙක

කපන්නෙ කොහොමද පිහියකින් මං 

මගේ ලේ දුවන හදවත

ඔය ඉන්නෙ මගේ කෙල්ල මහත්තයෝ 

පිච්චුනාට සඳවන් උවනෙත..!!



සියලුම අයිතිය අකුරක් නෑර තරිඳු අවිශ්ක ලියනගේ සතුයි 

No comments: