ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම..
ආදරයක් තිබුණා..
හිනෙන් හිනැහී
තුන්යම..මා රවටා..
මැදියම් මහ රෑ..
අදටත් හිත ඉගිලෙනවා..
නින්දෙන් ඇහැරී..
කළුවරේම..යලි සොයනා
මට මගේ නොවන..
මගේම..
ආදරයක් තිබුණා..
රිදුමක් වාගේ ..
කිසිදා සුව නොවෙනා..
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා..
උහුලනු බැරි තැන..
උණු කඳුලුම..
වගුරුවනා..
මට මගේ නොවන
මගේම..
ආදරයක් තිබුණා..
--------------------------------------------------------------------
ඔබ මා අතරේ ඉතිරිව අත්තේ... අතීතයක් පමණී...
අතීතයේ තතු මේ ලොව දන්නේ... ඔබත් මාත් පමණී...

No comments:
Post a Comment