මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින්
කඳුළු තිලින කර නොකියම යන්න ගිහින්
සවනට ලංවී හෙමිහිට කොඳුරා
ඔබේ සුරත මගෙ නලලේ තියා
පැතුම් පැතූ හැටි සිහිවෙයි නිරතුරු
අපි එක සෙවනක ඉඳිමු කියා
සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට
ලොවේ නොමැත කිසි තැනක ඔසූ
ඔබේ නමින් නෙත පුරා හඬනු මිස
පෙම් නොකරමි මම මෙයින් මතූ

No comments:
Post a Comment