Nov 7, 2012

හිතේ රැඳුණු සිංදු..6



ඔබේ පෙම් වදන් වදන් නැ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැගුම් නෑ එදාමෙන් නඟන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ


මෙමා මුණ ගැසීමත් විඩාවක් වුනේදෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේදෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඩූයේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූයේ



 හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කලා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්