Jan 1, 2013

හිතේ රැඳුණු සිංදු 7

ලංකර ගත්තම මට පුරුදු ගිටාරේ
ඇත්තට මතක් වෙනව සුපුරුදු රාගේ
එතකොට ඇතිවෙනවනෙ සතුට මගෙ සිතේ
අත් දෙක ඉබේ දුවති සොයමින් තාලේ

එක දෙක දෙක තුන වෙල හතර පහ වෙලා
රට වට කර ඇදෙනවා බයිලා ගල ගලා
දැක්කම මගෙ ආදර ගිටාරෙ වයලා
කියනව ලස්සන මල් වැස්සෙන බයිලා

ආජි තපර ලාහිලා...

නටන්න මුළු රටටම කියන්න බයිලා
පටන් ගත්තා හොද හොද පද වැල් අමුණාලා
රබන් ඩෝල බෙන්ජො එකෝඩියන් වයාලා
නටමු නටමු අපි ඔක්කොම කිය කිය බයිලා

එක දෙක..



කවුරුද බයිලා කියනවාට අකැමැති
කවදද බයිලා වලට වැරදුනෙ මල්ලි
ඇසුනම දෙසවන පිනවන රස පේළි
ඔක්කෝම නටයි මැදට පැන පැන කැරකී

එක දෙක..

ලංකර ගත්තම..